
අද පස්වරු 06 සිට බලාත්මක වන පරිදි ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත කොවිඩ් අධි අවධානම් කලාප ලෙස බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව විශේෂ අවසරයක් නොමැතිව එම ප්‍රාන්තවල සිට කිසිදු අයෙකුට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර ලැබෙන්නේ නැහැ.
එලෙස පැමිණෙන පුද්ගලයන් පවා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර දින 14 ක නිරෝධායනයට යටත්විය යුතුයි.

අදාළ ප්‍රාන්ත දෙකෙහි කොවිඩ් ආසාධිතයන් ගණන කැපී පෙනෙන පෙස ඉහළ යාමත් සමගයි බටහිර ඔස්ටේ්‍රලියාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
බටහිර ඔස්ටේ්‍රලියාවෙන් පසුගිය දින කිහිපය පුරාම වාර්තාවූයේ එක් දෛනික ආසාධිතයෙකු බැගිනුයි.
