ක්වීන්ස්ලන්ඩ් අපරාධ කැපී පෙනෙන ලෙස ඉහළට

මාස 03 ක කාලයකදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලිංගික හිංසන සංඛ්‍යාව සියයට 43 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී සොරකම් සංඛ්‍යාවද 161 සිට 225 දක්වා සියයට 40 කින් ඉහළ ගොස් ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෝටර් රථ සොරකම් කිරීම් මෙන්ම ළමා අපරාධ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස වැඩිවී තිබෙනවා.

බ්‍රිස්බන් නගරයේ පහරදීම් සහ මංකොල්ලකෑම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව නවතම වාර්තාවල සඳහන්.

වසර පුරා අපරාධ 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිදුකල බාල වයස්කරුවන් 90 දෙනෙකු මෙම කාලසීමාවේදී ක්වීන්ස්ලන්ඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

https://www.9news.com.au/national/queensland-crime-sexual-assaults-robberies-up-40-per-cent-police-report-reveals/596af49f-28ec-4d50-b6e6-a5b23a5a3a92

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »