
2021 වසර අවසාන දිනය වන අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කර තිබෙනවා.
ප්‍රාන්ත පොලිසි ඇමතිනී ලීසා නෙවිල් සඳහන් කලේ පසුගිය වසරේදී නව වසර උදාව සැමරීමට නොහැකි වූ දහස් සංඛ්‍යාත පිරිසක් අද රාත්‍රියේ විනෝදවීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව වෙරළාසන්න ප්‍රදේශ – මෙල්බන් CBD ඇතුලු ජනාකීර්ණ වනු ඇතැයි අපේක්ෂිත ප්‍රදේශ කෙරෙහි වැඩි පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට නියමිතයි.

හැකිතාක් පුද්ගල ඒකරාශිවීම් මගහැර සීමිත කණ්ඩායම් ලෙස නව වසර උදාව සමරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.
මේ අතර සිඩ්නි වරාය පාලම ආශ්‍රිත කලාපයේද අද දිනය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
