
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට එරෙහිව කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීමට අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඇතැම් ප්‍රාන්තවල වාර්තාවන ආසාධිතයන් ගණන තවමත් ඉතා පහළ මට්ටමක පැවතීම මෙහිදී අවධානයට යොමුකල බවයි අගමැති මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.
මේ අනුව සමීප ආශ්‍රිතයෙකු යන අර්ථකථනය ප්‍රාන්ත වශයෙන් වෙන් වෙන්ව හැඳින්වෙනු ඇති.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ACT ප්‍රාන්ත සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක වනවා.
එම ප්‍රාන්ත සඳහා සමීප ආශ්‍රිතයා යනුවෙන් මින් ඉදිරියට හැඳින්වෙන්නේ කොවිඩ් ආසාධිතයාගේ නිවසේ සිටින අයෙකු හෝ ඔහු සමග පැය 04 කට වැඩි කාලයක් එක්ව සිටි අයෙකු පමණයි.

එවැනි අයෙකු නිරෝධායනය වීමේදී දින 07 ක් හුදකලාව සිටිය යුතුවීම ප්‍රමාණවත් වනවා.