
රැපිඩ් ඇන්ටිජන් කට්ටල අධික මිළකට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ෆෙඩරල් රජය අනතුරු අගවනවා.
ඉල්ලුම ඉහළ යාමත් සමග ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීම හමුවේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිගයක් ඇති බවටයි වාර්තා පළවන්නේ.
ඒ අනුව ඇතැම් පිරිස් නියමිත මිළට වඩා දෙගුණයකටත් වැඩි මුදලකට ඒවා අලෙවි කරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

මෙම තත්වය වහා වැළැක්විමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලා.
සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ප්‍රමාණවත් පරිදි රැපිඩ් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා යන වියදමෙන් සියයට 50 ක් දැරීමට ද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.