ඔස්ටේ්‍රලියාවේ දෛනික ආසාධිතයන් 20,000 සීමාවේ

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 20,000 කට ආසන්න වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්ත සියල්ලම මේ දක්වා වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා වාර්තා කිරීම විශේෂත්වයක්.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 12,226 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 5,137 ක් හමුවී තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිත මරණ ගණන 13 ක්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 2,222 ක් ලෙසයි කොවිඩ් රෝගීන් වාර්තා වූයේ.

මේ අනුව ප්‍රාන්ත 03 කින් ඊයේ වාර්තා වූ කොවඩ් ආසාධිතයන් ගණන 19,585 ක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »