මෙල්බන් – සිඩ්නි නගරවාසීන්ට නව වසර උදාවේ සැමරුම් ගැන විශේෂ දැනුම්දීමක්

ආරක්ෂාකාරීව නව වසර උදාව සමරන්නැයි වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් බළධාරීන් ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය නීති කඩන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙල්බන් නගරාධිපතිනී සැලී කැප් පවසන්නේ නව වසර උදාවේ පැවැත්වෙන සැමරුම් සඳහා මෙල්බන් CBD පොදු ස්ථාන වෙත පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට පමණක් බවයි.

එමෙන්ම ඔවුන්ට නිසි ප්‍රවේශ පත්‍රයක්ද තිබිය යුතු වනවා.

මේ අතර සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරීන් 3000 කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිතයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »