අගමැති ස්කොට් මොරිසන් විසින් කැඳවූ හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අද පැවැත්වෙනවා.
සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සැළකිල්ලට ගෙන මෙම රැස්වීම කැඳවා ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.
එමෙන්ම නිරෝධායන කාලසීමාවන්හි සංශෝධනයක් සහ දැනට කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල පවතින තදබද සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
එක් එක් ආසාධිතයාගේ තත්වය අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වෙන වෙනම ගතයුතු නිරෝධායන හෝ පරීක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගන්නා බවද අගමැතිවරයා සඳහන් කලා.
ආසාධිතයාගේ තත්වය අනුව ආශ්‍රිතයන් සිදුකල යුතු වන්නේ රැපිඩ් හෝ පී සී ආර් පරීක්ෂණයද / නිරෝධායනය විය යුතු දින ගණන කවරේද යන්න ජාතික කැබිනට් මණ්ඩලයේදී අවසන් තීන්දුවක් ගැනෙනු ඇති.