වනිඳු හසරංග ICC වසරේ හොඳම T20 සම්මානයට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග අයි සී සී වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

වනිඳු ට අමතරව එංගලන්තයේ ජොස් බට්ලර්, පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් හා ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්ද මෙම ලැයිස්තුවට ඇතුලත්.

වනිඳු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ පළමු ස්ථානයේ පසුවනවා.

අයි සී සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඊයේ නිර්දේශ වුණා.

මෙම නිර්දේශිත නාම අතරින් ජයග්‍රාහකයා ලෙස තෝරා ගැනෙන ක්‍රීඩකයා පිළිබද 2022 ජනවාරි මාසයේදී නිළ වශයෙන් නිවේදනය කරනු ඇති.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »