
අගමැති ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.
සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සැළකිල්ලට ගෙන මෙම රැස්වීම කැඳවා ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.
එමෙන්ම නිරෝධායන කාලසීමාවන්හි සංශෝධනයක් සහ දැනට කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල පවතින තදබද සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

එක් එක් ආසාධිතයාගේ තත්වය අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වෙන වෙනම ගතයුතු නිරෝධායන හෝ පරීක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් හෙට දිනයේදී ලබාගන්නා බවද අගමැතිවරයා සඳහන් කලා.
සියලුම ආසාධිතයන්ගේ ආශ්‍රිතයන්ට එක හා සමාන රෙගුලාසි අනුගමනය කිරීමෙන් ඵලක් නැතැයි යන්න වෛද්‍ය නිර්දේශය බවද අගමැති ස්කොට් මොරිසන් මෙහිදී ප්‍රකාශ කලා.

ඒ අනුව ආසාධිතයාගේ තත්වය අනුව ආශ්‍රිතයන් සිදුකල යුතු වන්නේ රැපිඩ් හෝ පී සී ආර් පරීක්ෂණයද / නිරෝධායනය විය යුතු දින ගණන කවරේද යන්න ජාතික කැබිනට් මණ්ඩලයේදී අවසන් තීන්දුවක් ගැනෙනු ඇති.