Search

ක්වීන්ස්ලන්ඩ් පැමිණිමේදී රැපිඩ් පරීක්ෂණය වුවද ප්‍රමාණවත් බවට රෙගුලාසි ලිහිල් කෙරේ

කොවිඩ් අවධානම් ස්ථානයක සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණෙන පුද්ගලයන්ට සෘණාත්මක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම වුවද ප්‍රමාණවත් බවට නීති සංශෝධනය කර තිබෙනවා.

ලබන ජනවාරි පළමුවනදා සිට එය බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැතිනිය නිවේදනය කලේ.

මෙතෙක් පී සී ආර් පරීක්ෂණයක් සිදුකර ගැනීම අනිවාර්යව පැවතුණා.

ඒ හේතුවෙන් රට පුරා කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල දැඩි තදබදයක්ද පැවති අතර සෙසු ප්‍රාන්ත විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට චෝදනා කලේ අනවශ්‍ය ප්‍රමාදයන් සිදුකරන බවටයි.

ප්‍රාන්තයට පැමිණිමෙන් පසු 05 වන දිනයේදී සිදුකල යුතු වූ කොවිඩ් පරීක්ෂණය ඉවත් කිරීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ඊයේ කටයුතු කලා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »