දිමුත්, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අතරින් විශිෂ්ඨතම ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද තේරීපත්වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා තෝරාගැනීමට අදාළව ප්‍රකාශයට පත් කළ නිර්දේශිත නාමයන්ට අනුවයි.

දිමුත් කරුණාරත්න එම නම් අතරට එක්ව ඇත්තේ මේ වසරේ සහභාගීවූ ටෙස්ට් තරඟ 07 කදී ශතක 04 ක් සමඟ ලකුණු 902 ක් රැස්කිරීමත් සමඟයි.

දිමුත්ට අමතරව එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දිය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමින්සන් ද නිර්දේශිත නාම අතරට අයත්.

සෑම වසරකම අයි.සී.සී ය විසින් පිරිනමන මෙම සම්මානය මීට පෙර ලබාගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර පමණයි.

ඔහු 2012 වසරේ දී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »