NSW ගැබිණි කාන්තාවන්ට කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල රැඳී සිටීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිසිදු ගැබිණි කාන්තාවකට කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල රැඳී සිටීම අත්හිටුවා තිබෙනවා.

ප්‍රමුඛතා මංතීරුවක් මගින් ඔවුන්ට කඩිනමින් පරීක්ෂණය කරගත හැකි බවයි ප්‍රාන්ත අගමැති Dominic Perrottet දන්වා සිටින්නේ.

කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවීම හමුවේ ගැබිණි කාන්තාවන් මුහුණපාන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසන පරිදි ක්වීන්ස්ලන්තයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතාවක් ලෙස නම් කර ඇති PCR පරීක්ෂණ සිදුකරගැනීම සඳහා පෝලිම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර එම අවශ්‍යතාව ඔහු දැඩි ලෙස හෙළා දැක තිබේ.

වෙනත් ප්‍රාන්තවල සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් සඳහා පස්වන දිනයේ සිදුකළ යුතු කොවිඩ් පරීක්ෂණය අවලංගු කරන නමුත් දේශසීමා බලපත්‍ර අයදුම්පත් කිරීම සඳහා තවමත් අදාළ සංචාරකයින් කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය යුතුය.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »