
සිඩ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලේ වැරදි කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබූ 950 කට ආසන්න පිරිසෙන් 486 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබෙනවා.
පසුගිය 22-23 සහ 24 යන දිනවලදී කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකල පිරිසකුයි මෙලෙස ආසාධිතයන් බවට තහවුරු වී ඇත්තේ.
මෙම රෝහලෛන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල පරීක්ෂාවට ලක්වූ 400 කට අධික පිරිසකටද ඔවුන් ආසාධිතයන් වී ඇතත් එසේ නොමැති බවට දෝෂ සහිත කෙටි පණිවිඩ යොමුකර තිබුණා.

මේ අනුව St Vincent රෝහලෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකරගත් 1300 කට ආසන්න පිරිසකට ලැබී ඇත්තේ දෝෂ සහගත පරීක්ෂණ වාර්තායි.
මෙම අත්වැරැද්දට හේතුව වහා සොයා බලමින් සිටින බවයි St Vincent රෝහල නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
