Search

මැතිවරණයේදී අගමැති මොරිසන් ට දරුණු පරාජයක් අත්වනු ඇතැයි තවත් සමීක්ෂණයක් කියයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක සන්ධානයට දරුණු පරාජයක් අත්වනු ඇති බවට තවත් සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා.

Newspoll විසින් සිදුකරන ලද මෙම කාර්තුවට අදාළ සමීක්ෂණයේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

ගතවූ දින කිහිපය පුරා කම්කරු පක්ෂය විසින් ඔවුන්ගේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස ඉහළ දමාගෙන ඇති බව මෙහිදී හෙළි වුණා.

එමෙන්ම වත්මන් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් බහුතර ආසන 80 කට වඩා හිමි ශක්තිමත් රජයක් පිහිටුවනු ඇති බවද Newspoll සමීක්ෂණය හෙළිකර තිබෙනවා.

වික්ටෝරියා හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම පාලක සන්ධානයට වඩා කැපී පෙනෙන අගයකින් ලේබර් පක්ෂය ඉදිරියෙන් සිටින බවයි මෙහිදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ.

https://7news.com.au/politics/federal-politics/newspoll-analysis-signals-strong-labor-win-c-5103129

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »