Search

ක්වීන්ස්ලන්ඩ් දෛනික ආසාධිතයන් පළමුවරට 1,000 ඉක්මවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් පළමුවරට දෛනික ආසාධිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

අද තහවුරු කෙරුණු ආසාධිතයන් ගණන 1158 ක් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ආසාධිතයන් 400 ක පමණ වැඩි වීමක්.

මේ අතුරින් 257 දෙනෙකුට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය බවද තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණිමෙන් පසු 05 වන දිනයේදී සිදුකිරීම අනිවාර්යව පැවති පී සී ආර් පරීක්ෂණ අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ප්‍රාන්ත අතර ගමන් කිරීමේදී ක්වීන්ස්ලන්ඩ් රෙගුලාසි හේතුවෙන් කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »