සෞඛ්‍ය සේවකයන් සඳහා බලාත්මක නිරෝධායන රෙගුලාසි සංශෝධනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.
මේ අනුව ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වන සෞඛ්‍ය සේවකයන්ට දින 07 ක නිරෝධායනයෙන් පසු නැවතත් රැකියාව සඳහා පිටත්ව යා හැකියි.
මෙතෙක් එය දින 14 ක් ලෙස පැවතුණා.
කෙසේවෙතත් 06 වන දිනයේදී සිදුකරන පී සී ආර් පරීක්ෂණයේදී ඔවුන් සෘණාත්මක බවට තහවුරු විය යුතුයි.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්රයෙන් ඉහළයාමත් සෞඛ්‍ය සේවක හිගතාවයත් සැළකිල්ලට ගෙනයි ප්‍රාන්ත බළධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.