සිඩ්නි St Vincent රෝහලේ තවත් 900 කට වැරදි PCR වාර්තා යවා ඇතැයි හෙළිවෙයි

සිඩ්නි St Vincent රෝහලේ කොවිඩ් පරීක්ෂා සඳහා පැමිණි තවත් 900 කට අධික පිරිසකට දෝෂ සහිත පි සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල යවා ඇති බව අනාවරණ වී තිබෙනවා.

කෙසේවතත් එම ප්‍රතිඵල මෙතෙක් නිශ්චය කර නොමැති අතර දෙසැම්බර් 23 සහ 24 යන දිනවල පරීක්ෂාවන්ට ලක් වූ පුද්ගලයින්ටයි මෙම කෙටි පණිවිඩ යවා ඇත්තේ.

මෙම රෝහලෛන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල පරීක්ෂාවට ලක්වූ 400 කට අධික පිරිසකටද ඔවුන් ආසාධිතයන් වී ඇතත් එසේ නොමැති බවට දෝෂ සහිත කෙටි පණිවිඩ යොමුකර තිබුණා.

මේ අනුව St Vincent රෝහලෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකරගත් 1300 කට ආසන්න පිරිසකට ලැබී ඇත්තේ දෝෂ සහගත පරීක්ෂණ වාර්තායි.

මෙම අත්වැරැද්දට හේතුව වහා සොයා බලමින් සිටින බවයි St Vincent රෝහල නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »