නිවු සවුත් වේල්ස් QR කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ QR කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්ය වනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් – ස්ථාන ආදී වෙත ඇතුලුවීමේදී එය අනිවාර්ය බවයි ප්‍රාන්ත අගමැති සඳහන් කලේ.

shopping centres වෙත යන පුද්ගලයන් ප්‍රධාන පිවිසුමේදී පමණක් එය සිදුකල යුතු අතර සෑම වෙළඳසැලකදීම කේත භාවිතය අවශ්‍ය වන්නේ නැහැ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් වෙත ඇතුලුවන පුද්ගලයන් සඳහා රැපිඩ් පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් කිරීමේ රෙගුලාසිය ඉදිරි පැය 48 තුළදී හඳුන්වාදෙන බව ප්‍රාන්ත අගමැතිනිය පවසනවා.

එමගින් දැනට පවතින දිගු පෝලිම් තත්වය තුරන් වනු ඇතැයි අපේක්ෂිතයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »