ඔස්ටේ්රලියා තරග සංචාරයක නිරත එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
කෙසේවෙතත් කිසිදු ක්රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි තහවුරු වී ඇත්තේ.
අලුබඳුන තරගාවලියේ 03 වන ටෙස්ට් තරගය මෙල්බන් නුවරදී පැවැත්වෙන අතර එහි 02 වන දිනය අදයි.
මේ අතර සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත 04 වන ටෙස්ට් තරගයත් 05 වන තරගය පැවැත්වීමට නියමිත 05 වන තරගයත් අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්වී තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔස්ටේ්රලියා ක්රිකට් ආයතනය සඳහන් කලේ.