Search

ඔස්ටේ්‍රලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

HOSPITAL AMBULANCE

ඔස්ටේ්‍රලියාවේ පළමු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාධිත මරණය ගතවූ පැය 24 තුළදී වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ North Parramatta හි Uniting Lilian Wells වැඩිහිටි නිවාසයේ සිටි 80 හැවිරිදි පුද්ගලයෙකුයි.

ඔහු මීට පෙර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ක් ලබා සිටි අයෙකු බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6,324 ක් වාර්තා වි තිබේ.

දැනට 521 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 55 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 03 ක් වාර්තා විය​.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 654 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 97,241 ක් සිදු කර ඇත.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »