
බටහිර ඔස්ටේ්‍රලියාවේ පැතිර යන ලැව්ගිනි පාලනය කල නොහැකි මට්ටමකට පත්වී තිබෙනවා.
Woorooloo ප්‍රදේශවාසීන්ට මෙම වසරේ දෙවන වරටත් නිවාස අත්හැර යාමට සිදුවී ඇති බව සඳහන්.
ගිනි නිවීම් භටයන් සිය ගණනක් ගින්න පාලනයට පියවර ගනිමින් සිටින නමුත් එය අසාර්ථක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

බටහිර ඔස්ටේ්‍රලියා ආපදා කළමණාකරණ අංශ විසින් ප්‍රදේශ ගණනාවකට ලැව් ගිනි අවදානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම විශාල පිරිසකට විදුලිය සහ ජල සැපයුම අඩාලවී ඇති බවද වාර්තා වනවා.
