ACT ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 99 කට ආසන්න වී තිබෙනවා.
මේ වනවිට එය සටහන් වන්නේ සියයට 98.5 ක් ලෙසයි.
කෙසේවෙතත් කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ACT ප්‍රාන්තයෙන් එක් දිනයකදී සියය ඉක්මවා කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම අද සටහන් වුණා.
අද එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාධිතයන් ගණන 102 ක්.
මේ අතර ලබන 28 වනදා ලිහිල් කිරීමට නියමිත වූ දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි ලබන වසර දක්වා පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
එම ප්‍රාන්තයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් 688 ක් සටහන්වූ අතර එය කැපී පෙනෙන ඉහළයාමක් ද වනවා.