ජෙට් ස්ටාර් ගුවන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට

ජෙට් ස්ටාර් ගුවන් සේවය විසින් හදිසියේම ගුවන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් නත්තල් නිවාඩු ගත කිරීමට විවිධ ප්‍රදේශවලට යාමට සිටි විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට ලක්ව සිටිනවා.

සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් චෝදනා කලේ තමන් ගුවන් තොටුපළට පැමිණෙන තුරුම ඒ පිළිබඳ නොදැනුවත්ව සිටි බවයි.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ජෙට් ස්ටාර් ගුවන් සේවය සඳහන් කලේ සේවක සේවිකාවන් විශාල පිරිසක් කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වීම හමුවේ ගුවන් ගමන් වාර අවලංගු කිරීමට සිදුවූ බවයි.

වෙනත් ගුවන් වාරයක් ලබාදීමට සහ ප්‍රමාදයන් අවම කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවද එහි සඳහන්.

මේ අතර ක්වන්ටාස් සහ වර්ජින් ගුවන් සමාගම්ද ගුවන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.9news.com.au/national/christmas-travel-covid-19-isolation-rules-force-airlines-jetstar-virgin-to-cancel-christmas-eve-flights/438cccce-dcd3-4fcb-a779-65898b302f9c

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »