ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව දෙන කාලසීමාව තවදුරටත් අඩු කෙරේ

ඔස්ටේ්‍රලියාව තුළදී බූස්ටර් මාත්‍රාව දෙන කාලසීමාව තවදුරටත් අඩු කර තිබෙනවා.

ජනවාරි 04 වනදා සිට බල පැවැත්වෙන පරිදි දෙවන මාත්‍රාව ලබාගෙන මාස 04 ක් ගතවු අයටද 03 වන මාත්‍රාව ලබාගැනීමට ඖෂධ අධිකාරිය විසින් අනුමැතිය දී ඇති බවයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ.

එමෙන්ම ජනවාරි 31 වනදා සිට එය මාස 03 ක් දක්වා අඩු කෙරෙනු ඇති.

දැනට මෙම කාලසීමාව පවතින්නේ මාස 05 ක් ලෙසයි.

ජනවාරි 04 වනදා සිදුකෙරෙන වෙනසත් සමග ලක්ෂ 75 ක පිරිසකට 03 වන මාත්‍රාව කඩිනමින් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කලා.

ජනවාරි 31 වනදා වනවිට සුදුසුකම් ලබන සංඛ්‍යාව මිලියන 16 ක්.

ඔමික්‍රොන් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැළකිල්ලට ගෙනයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »