Search

නිවු සවුත් වේල්ස් පොදු ප්‍රවාහන සීමා ලිහිල් කිරීම ජනවාරි අග දක්වා කල් යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයේදී මගී ධාරිතා සීමා ලිහිල් කිරීම ජනවාරි මාසය අග දක්වා කල් දමා තිබෙනවා.

දැනට ක්‍රියාත්මක සියයට 75 මගී ධාරිතාවය දෙසැම්බර් 31 වනදායින් පසු තවත් ලිහිල් කිරීමටයි පළමුවෙන් සැළසුම් කර තිබුණේ.

කෙසේවෙතත් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ එය මාසයකින් පමණ කල් දමා තිබෙනවා.

පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ භාවිතය ද තවදුරටත් අනිවාර්යව පවතිනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ බටහිර ඔස්ටේ‍රලියාවේ පර්ත් හා පීල් නගරවල ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය වනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »