Search

නිදා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කල වික්ටෝරියා තරුණයෙකුට සමාජ මාධ්‍ය තහනමක්

කාන්තාවන් නිදා සිටියදී දූෂණයට ලක් කල සහ විවිධ ලිංගික අතවරවලට ලක් කල 25 හැවිරිදි වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

මොහුගේ ජංගම දුරකථනයේ තිබී කාන්තාවන් 89 දෙනෙකුගේ නාම ලේඛණයක් හමුවී ඇති අතර ඉන් 11 දෙනෙකුට සිදුකල අතවරවලට අදාළවයි මෙම චෝදනා ගොණු කර ඇත්තේ.

2011 වසරේදී එනම් සැකකරු 15 හැවිරිදි වියෙහි සිටියදී පවා මෙම අපරාධ සිදුකර ඇති බව සඳහන්.

මෙම තැනැත්තා පොලිසියට පවසා තිබුණේ නිදා සිටින කාන්තාවන්ට හිංසා කිරීමේ එක්තරා මානසික රෝගයකින් තමන් පෙළෙන බවයි.

South Gippsland හි පදිංචි සැකකරු මෙල්බන් නුවර මහෙස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

එක් කොන්දේසියක් වන්නේ කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය භාවිත නොකල යුතු අතර දෙමව්පියන් සමග පමණක් වාසය කල යුතු බවයි.

https://7news.com.au/news/court-justice/victorian-man-accused-of-sexually-assaulting-11-women-in-bed-or-as-they-slept-says-he-has-sexsomnia–c-5064518?fbclid=IwAR3JLcNQ49N4Rt2_7ZEV-TL2QXYwNzkrIVpYV0IXFiSLi1oebQwADiUhOqY

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »