
වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම පොලිස් නිළධාරීන් සඳහා taser උපකරණ ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නොසන්සුන් සිදුවීම් පාලනයට එමගින් වැඩි හැකියාවක් ලැබෙනු ඇති බවයි ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.
විරෝධතා පාලනයට යන වික්ටෝරියා පොලිස් නිළධාරීන් අතුරින් බහුතරයක් සතුව ඇත්තේ බැටන් – ගිනි අවිය සහ ගම්මිරිස් දියර විදිනය පමණයි.

tasers ලබාදීම හරහා ඔවුන්ගේ කටයුතු තවත් පහසු වනු ඇති බවයි වික්ටෝරියා පොලිස් ඇමති Lisa Neville පෙන්වා දෙන්නේ.
උද්ඝෝෂකයන් හා සමීපවීමකින් තොරව ඔවුන් පාලනයටද මෙමගින් හැකිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය වසර 05 කදී වැය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 214 ක්.