Search

අද මධ්‍යම රාත්‍රියේ සිට NSW ගෘහස්ථ කටයුතුවලදීද මුව ආවරණ භාවිතය අනිවාර්ය කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදීද මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් 5000 ඉක්මවා ආසාධිතයන් වාර්තාවීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම ලබන 27 වනදා සිට සියලුම Hospitality ස්ථාන නැවතත් වර්ගමීටර 02 නීතියට යටත්වනු ඇති.

ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ එදින සිට QR codes භාවිතයද යළිත් අනිවාර්ය බවයි.

ලබන ජනවාරි 27 වනදා දක්වා මෙම රෙගුලාසි බලාත්මක වනු ඇති.

පසුගිය 16 වනදා සිට මේ දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තාවූ මුලු කොවිඩ් ආසාධිතයන් ගණන 20,000 කට අධිකයි.

https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-covid-restrictions-return-as-dominic-perrottet-announces-mask-mandate-across-the-state-to-battle-omicron-variant-c-5062752

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »