ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීම සඳහා රැපිඩ් පරීක්ෂණය වුවද පිළිගැනීමේ යෝජනාවක්

ජනවාරි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය වුවද ප්‍රමාණවත් බවට පිළිගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් ලබාගනිමින් ඇති බවත් නිවාස තුළදි එම පරීක්ෂණ සිදුකල හැකි ආකාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීමේදී සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.

මේ වනවිට අනෙකුත් ප්‍රාන්තවල කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල හටගෙන ඇති දැඩි තදබදයට ප්‍රධාන හේතුව එය බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් එම චෝදනා තරයේ බැහැර කරන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය අවධාරණය කරනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »