
අද (23) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා.
පුද්ගලික නිවාස සහ වයස අවුරුදු 08 ට අඩු දරුවන්ට පමණක් එය අදාළ නොවනු ඇති.
පුද්ගලයන් 30,000 ට වැඩි පිරිසක් සහභාගී වන සියලු අවස්ථා සඳහාද මුව ආවරණ භාවිතය අනිවාර්ය බවයි වික්ටෝරියා වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ.

කෙසේවෙතත් අවන්හල් – සුරාසැල් වැනි ස්ථාන තවදුරටත් විවෘතව පවත්වාගෙන යා හැකි වනවා.
ප්‍රාන්ත රජය විසින් සහතික වූ පරිදි කිසි විටකත් වික්ටෝරියාව නැවතත් ලොක්ඩවුන් තත්වයකට පත් නොකරන බවද වැඩබලන අගමැතිවරයා කියාසිටියා.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 2,005 ක් වාර්තාවූ අතර එය මාස 02 කට පසු මේ දක්වා ප්‍රාන්තයෙන් එක් දිනයකදී සටහන් වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනයි.