
ඔස්ටේ්‍රලියානු සහකාර වීසා (Partner visa) අයදුම්පත් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
සිය සහකරුගේ හෝ සහකාරියගේ වීසා අයදුම්පත සළකා බැලීමේදී ඇතැම්විට වීසා නිළධාරියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිය හැකි බවයි එහි දැක්වෙන්නේ.
මෙය අයදුම්පතේ ඇතැම් කරුණු පිළිබඳ තහවුරු කරගැනීම සඳහා පමණක් බවත් එය ඔස්ටේ්‍රලියාවෙන් බැහැර මධ්‍යස්ථානයකින් වුවද පැමිණිය හැකි බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

කෙසේවෙතත් ආගමන නිළධාරීන් ලෙස අගවා ඇතැම් වංචනික දුරකථන ඇමතුම් පවා පැමිණිය හැකි බවට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.
එවැනි පුද්ගලයන්ට කිසිදු අවස්ථාවක ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු – බැංකු ගිණුම් විස්තර හෝ Immi Account මුරපද දීමෙන් වළකින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

සෑම විටම වීසා නිළධාරින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට බැඳී සිටින බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=804