කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මෙල්බන් නගරයට බව අනාවරණ වී තිබෙනවා.
ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය නොමැතිවීම හමුවේ ගොඩනැගිලි රැසක ඉදිකිරීම් අතරමග නතරවී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.
මෙම වසරේදී මෙල්බන් නගරයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිළ ගණන් සියයට 10 කට වැඩි අගයකින් ඉහළගොස් ඇති අතර එය ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම අගයන් බවටද පත්වී තිබෙනවා.
ලී – යකඩ සහ ගඩොල් වැනි ද්‍රව්‍යවල හිගය හමුවේ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති කාලය සියයට 30 කින් පමණ ප්‍රමාද වන බවයි කොන්ත්‍රාත්කරුවන් පෙන්වා දී ඇත්තේ.
එය නිවාස හිමිකරුවන්ටද අයහපත් ආකාරයට බලපා ඇති බව සඳහන්.
මෙම තත්වය ලබන වසරේදීත් සැළකිය යුතු කාලයක් පවතිනු ඇති බවටද වාර්තා පළවනවා.