හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අද

NATIONAL CABINET

අගමැති ස්කොට් මොරිසන් විසින් අද (22) දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

රට පුරා ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පවතින තත්වය අවදානම් බැවින් අගමැතිවරයා විසින් මෙලෙස හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල වකවානුව තවත් ඉදිරියට ගැනීම සම්බන්ධ යෝජනාව ජාතික කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙන්නේ මාත්‍රා 02 ක් ගෙන තිබීම වන අතර එය මාත්‍රා 03 ක් බවට සංශෝධනය කිරීම කෙරෙහිද ජාතික කැබිනට් මණ්ඩලය අවසන් තීන්දුවක් ගනු ඇතැයි සඳහන්.

ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ ලබන ජනවාරි – පෙබරවාරි කාලයේදී ඔස්ටේ්‍රලියාවෙන් දිනකදී ආසාධිතයන් ලක්ෂ 02 – 250,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවිය හැකි බවට නවතම පුරෝකථනයක් ඊයේ අනාවැකි පළකර තිබුණා.

මෙම වාර්තාව අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »