ජනවාරි වනවිට ඔස්ටේ්‍රලියාවෙන් දිනකට කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 02 ඉක්මවා වාර්තාවනු ඇතැයි අනාවැකි

ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ ලබන ජනවාරි – පෙබරවාරි කාලයේදී ඔස්ටේ්‍රලියාවෙන් දිනකදී ආසාධිතයන් ලක්ෂ 02 – 250,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවිය හැකි බවට නවතම පුරෝකථනයක් අනාවැකි පළකර තිබෙනවා.

Doherty ආයතනය විසිනුයි සංඛ්‍යාලේඛණ සහ දත්ත ආශ්‍රිතව මෙම අනාවැකිය පළකර ඇත්තේ.

මේ අනුව දිනකට රෝහල්ගත කෙරෙන සංඛ්‍යාව 4000 ක් පමණ විය හැකි බවටද වාර්තා පළවනවා.

එමගින් ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවද මෙම අනාවැකියෙන් අනතුරු අගවා තිබෙනවා.

එවැනි තත්වයක් වළක්වා ගැනීමට ඇති එකම පියවර වහා කොවිඩ් මර්දන සීමා පැණවීම බවටයි Doherty ආයතනය අවධාරණය කරන්නේ.

මෙම වාර්තාව හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/australias-will-reach-200000-covid-19-cases-daily-by-january-unless-restrictions-return-according-to-doherty-institute-modelling-c-5038412

https://www.9news.com.au/national/coronavirus-update-national-omicron-cases-could-hit-200000-australia-doherty-modelling-shows/9c01b3d2-2c96-4eda-9e5b-bd41fbf4c84a

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »