විදෙස් සිසුන්ට ඔස්ටේ්‍රලියානු උපාධිවල මුල් අදියර ලංකාවේදී හැදෑරීමට වරම්

කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සහාය දෙන බව ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහතික වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ උපාධි අපේක්ෂා කරන වෙනත් රටවල සිසුන්ට අදාළ පාඨමාලාවල මූලික අදියරයන් ශ්‍රී ලංකාවේ දී හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපනය කිරීමෙන් මෙම අවකාශය සැලසෙන බවයි ඇය කියාසිටියේ.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පැවති හමුවේ දී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මේ සඳහා වෙන්කර ඇති මුදල ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 12 ක්.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී මිනිස් ජාවාරම නැවැත්වීමට එවක ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් සමග ගිවිසුමකට එළැඹුණා.

ඔහු ඔස්ටේ්‍රලියාවේ අග්‍රාමාත්‍යවරයා වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයක් තවදුරටත් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »