ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ දේශ සීමා විවෘත කිරිමේ සැළසුම් කල් දැමීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනවාරි මාසයේ සිට අධියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වූ දේශ සීමා විවෘත කිරීම පෙබරවාරි මාසය අග දක්වා කල් යනු ඇති.
ප්‍රථමයෙන් සැළසුම් කර තිබුණේ නවසීලන්ත සහ ඔස්ටේ්‍රලියා ජාතිකයන්ට ජනවාරි 16 වනදා සිට කිසිදු අවහිරයකින් තොරව රටට ඇතුලුවීමට අවසර දීමටයි.
ඒ යටතේ අප්‍රේල් මාසය වනවිට සියලුම රටවල පුද්ගලයන්ට නිරෝධායනයකින් තොරව නවසීලන්තයට ඇතුලුවීම සඳහා අවස්ථාව පැවතුණා.
කෙසේවෙතත් අද ප්‍රකාශයට පත් කල රෙගුලාසි සංශෝධනයත් සමග එම දින වකවානු කල් දැමෙන අතර අනිවාර්ය නිරෝධායන දින ගණනද 07 සිට 10 දක්වා ඉහළ දමා තිබෙනවා.