නත්තල් දින ළගාවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසකම කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.
ප්‍රාන්ත අතර ගමන් කිරීම සඳහා සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කල යුතුවීමයි ඊට හේතුව වන්නේ.
ඇතැම් පරීක්ෂණ මධ්‍යස්ථානවල පැය 02 කට වඩා දිගු පෝලිම් පැවති බවද සඳහන්.
මෙම තත්වයට විසඳුමක් ලෙස දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT ප්‍රාන්තවල සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සඳහා පළමු දිනයේදී සහ 06 වන දිනයේදී අනිවාර්ය වූ කොවිඩ් පරික්ෂණය ඉවත් කර තිබෙනවා.