කිසිදු ලොක්ඩවුන් කිරීමක් නෑ – අගමැතිගෙන් යළි සහතිකයක්

නැවත වරක් ඔස්ටේ්‍රලියාව තුළ කිසිදු ආකාරයක ලොක්ඩවුන් කිරීමක් සිදු නොකරන බවට අගමැති ස්කොට් මොරිසන් යළිත් සහතික වනවා.

හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩලයේදී එවැනි තීන්දුවක් ගනු ඇති බවට පළව ඇති වාර්තා පිළිබඳ කරුණු දක්වමිනුයි අද බ්‍රිස්බන් නුවර පැවති වැඩසටහනකදී ඔහු මේ බව කියාසිටියේ.

රට වැසීමෙන් ජනතාව අපහසුතාවයට පත් කිරීමට කිසිදු අපේක්ෂාවක් ෆෙඩරල් රජය සතුව නොමැති බවටද අගමැතිවරයා සඳහන් කලා.

ඉදිරියේදී ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා දරුණු ප්‍රභේද වුවද පැමිණිය හැකි බැවින් ඊට මුහුණදීමට සූදානම් විය යුතු බවයි අගමැති මොරිසන්ගේ ස්ථාවරය වන්නේ.

නැවතත් ලොක්ඩවුන් කිරීමක් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ද ඊයේ ප්‍රකාශ කලා.

https://www.9news.com.au/national/coronavirus-update-politics-national-cabinet-meeting-called-for-wednesday/2e72af92-32b0-417c-bfd0-9e956d0805f8

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »