බූස්ටර් මාත්‍රාව දීමේ කාලය තවත් පෙරට ගන්නැයි VIC – NSW ප්‍රාන්ත දෙකෙන් ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල වකවානුව තවත් ඉදිරියට ගැනීම සම්බන්ධ යෝජනාවක් හෙට පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මාස 06 ක් ලෙස පැවති එය මේ වනවිට මාස 05 ක් දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙනවා.

කෙසේවෙතත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එම කාලය මාස 04 ක් හෝ 03 දක්වා අඩු කල හැකිදැයි හෙට පැවැත්වෙන තීරණාත්මක හමුවේදී අවධානය යොමුකිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රාන්ත දෙකෙහි වැඩිවන ආසාධිතයන් සංඛ්‍යා පාලනයට බූස්ටර් මාත්‍රාව ලබාදීම වේගවත් කල යුතු බවටයි නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙන්නේ මාත්‍රා 02 ක් ගෙන තිබීම වන අතර එය මාත්‍රා 03 ක් බවට සංශෝධනය කිරීම කෙරෙහිද ජාතික කැබිනට් මණ්ඩලය හෙට අවසන් තීන්දුවක් ගනු ඇතැයි සඳහන්.

https://www.9news.com.au/national/coronavirus-update-politics-national-cabinet-meeting-called-for-wednesday/2e72af92-32b0-417c-bfd0-9e956d0805f8

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »