Search

වික්ටෝරියා මුව ආවරණ රෙගුලාසි යළි දැඩි වන ලකුණු

MELBOURNE VICTORIA

නත්තල් සමය ආවරණය වන පරිදි සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම බල පැවැත්වෙන පරිදි මුව ආවරණ රෙගුලාසි දැඩි කිරීම කෙරෙහි ප්‍රාන්ත සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.

වික්ටෝරියා වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ පැවසුවේ සියලුම ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම ඇතුලු නීති පණවන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයක් ගෙන නොමැති බවද ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ හැසිරීම සළකා කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බවද වැඩ බලන අගමැතිවරයා කියාසිටියා.

මේ අතර අගමැති ස්කොට් මොරිසන් ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මුව ආවරණ නීති දැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්.

ඊට අමතරව අනෙකුත් කොවිඩ් මර්දන නීතිවල සිදුකල යුතු වෙනස්කම් පිළිබඳවද ජාතික කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරනු ඇති.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-testing-wait-times-blow-out-victoria-records-1245-covid19-cases/22d9bff0-8275-4525-84e4-b1341670a677

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »