ඊයේ ආසාධිතයන් : නිවු සවුත් වේල්ස් 3,057 / වික්ටෝරියා 1,245

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,245 ක් හමුව ඇත.

මරණ 06 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,355 කි.

ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 66,888 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,483 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (20) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 3,057 ක් වාර්තා වි තිබේ.

දැනට 284 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 39 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 02 ක් වාර්තා විය​.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 647 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 136,972 ක් සිදු කර ඇත.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »