
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ අවධානම හමුවේ සෑම ඔස්ටේරලියානුවන් 05 දෙනෙකුගෙන් 04 දෙනෙකුම නත්තල් නිවාඩු සංචාර අවලංගු කර හෝ අවසන් තීරණයක් ගැනීම කල් දමා ඇතැයි හෙළිවී තිබෙනවා.
සංචාරක සහ ප්‍රවාහන සංසදය විසිනුයි පුද්ගලයන් 1500 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.
එහිදී අනාවරණය වූයේ සෑම දෙදෙනෙකුගෙන් අයෙකුම ප්‍රාන්ත අතර ගමන් නොකිරීමට දැනටමත් තීරණය කර ඇති බවයි.

නව ප්‍රභේදය හමුවේ සෑම ඔස්ටේ්‍රලියානුවන් 10 දෙනෙකුගෙන් 03 දෙනෙකුම විමසිලිමත්භාවය ඉහළ දමා ඇති බවද මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.
මේ අතර ග්‍රීෂ්ම නිවාඩුව ගත කිරීම සඳහා සැළසුම් කල සංචාර අවලංගු කිරීමටද ඔස්ටේ්‍රලියානුවන් කටයුතු කරමින් සිටින බවයි ගුවන් සමාගම් සඳහන් කරන්නේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-covid-numbers-bound-to-rise-perrottet-c-5015398