ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් පසුගිය නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් මාසයේ දී ලද විදේශ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක්.
එය 2009 වසරෙන් පසු මාසයකදී ලද අඩුම ප්‍රේෂණ ප්‍රමාණයයි.
මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද මුදල්වල වටිනාකම වූ ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමක්.
2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති මුදල්වල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166 යි දසම 3 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291 යි දසම 2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක්.