ඔස්ටේ්‍රලියා ස්වදේශ ඇමතිනිය ලංකාවේ – අනවසර සංක්‍රමණ වළකන්න අලුත් වැඩක්

කලාපීය දේශ සීමා ආරක්ෂාව දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර නැවත වරක් එකගතාවයක් ඇතිවී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දේශ සීමා අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය අද බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී විවෘත කිරීමත් සමගයි.

ආරක්ෂක අමාත්‍යංශය යටතෙ පවතින මෙම මධ්‍යස්ථානය නීත්‍යානුකූල ගමන් සහ වෙළඳ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ආයතන වෙත ඔවුන්ගේ සාමූහික බුද්ධි තොරතුරු – සම්පත් සහ යථාකාලීන දත්ත හුවමාරු කර ගැනීමට ඉඩ සලසන බවයි කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ.

එය නීති විරෝධී ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවාට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කරන නව බුද්ධි පහසුකමක්ද වනවා.

මෙම අවස්ථාවට ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් ද සහභාගී වී සිටියා.

මෙම නව මධ්‍යස්ථානය සඳහා ඔස්ටේ‍රලියානු රජය ලබාදී ඇති මුදල ඩොලර් මිලියන 05 කට අධිකයි.

බහුදින ධීවර යාත්‍රා 4500 කට වැඩි ප්‍රමාණයකට යාත්‍රා හඳුනාගැනීමේ සහ අධීක්ෂණය කිරීමේ පහසුකම් සහිත ට්‍රාන්ස්පොන්ඩර් සවිකිරීම සඳහා ද ඔස්ටේ්‍රලියානු රජය ආධාර සපයා තිබෙනවා.

https://twitter.com/karenandrewsmp/status/1472809817710338051?s=20

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »