දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද පස්වරු 03 සිට සිඩ්නි දුම්රිය ගමනාගමනයට බාධා

දුම්රිය සේවක වර්ජනයක් හේතුවෙන් අද පස්වරු 03 සිට පැය 15 කට ආසන්න කාලයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවනු ඇතැයි අනතුරු පළවනවා.

ඒ අනුව හෙට පෙරවරුව වනතෙක් සිඩ්නි නගරයේ දුම්රිය මෙන්ම නිවු සවුත් වේල්ස් TrainLink අන්තර් නගර දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ.

වර්ජනය හමුවේ දුම්රිය සේවා සීමිත සංඛ්‍යාවක් පමණක් ධාවනය කෙරෙනු ඇති බවටයි ප්‍රවාහන අංශ දන්වා ඇත්තේ.

අමතර බස් සේවා යොදවා ඇතත් එය මගී අවශ්‍යතාවය පූර්ණව සපුරාලීමට ප්‍රමාණවත් නොවනු ඇති බවටද වාර්තා පළවනවා.

වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමිනුයි දුම්රිය සේවකයන් මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

https://7news.com.au/travel/sydney-trains/sydney-trains-to-stop-running-as-workers-strike–c-5015301

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »