Search

ඔස්ටේ්‍රලියාවේ ගුවන් ක්ෂේත්‍රය නගා සිටුවීමට තවත් ඩොලර් මිලියන 78 ක්

ගුවන් ගමන් ක්ෂේත්‍රය කොවිඩ් වසංගතයට පෙර තත්වයට පත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 78 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සඳහන් කලේ සේවක සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ප්‍රාදේශීය කලාපවල පහසුකම් ඉහළ නැංවීම ඒ යටතේ සිදුකෙරෙන බවයි.

මෙහිදී ගුවන් ගමන් ක්ෂේත්‍රයට පිවිසෙන කාන්තාවන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 04 ක්.

ඊට අමතරව නාගරික නොවන ප්‍රදේශවල ගුවන් යානා නැවතුම් ස්ථාන වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 15 ක් යෙදවීමට නියමිතයි.

කොවිඩ් වසංගතයට පෙර ඔස්ටේ්‍රලියාවේ ගුවන් ගමන් කර්මාන්තය ආශ්‍රිතව පැවති රැකියා සංඛ්‍යාව 90,000 ක් පමණ වූ අතර මේ වනවිට එය සැළකිය යුතු මට්ටමකින් අඩුවී තිබෙනවා.

https://7news.com.au/travel/aviation-gets-78m-recovery-plan-launched-c-5013530

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »