පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා විවෘත කිරීමට Northern Territory ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දින 03 ක් ඇතුළත ගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සහිත ඕනෑම අයෙකුට නිරෝධායනයකින් තොරව වෙත ඇතුලුවිය හැකි වනවා.
පැමිණීමෙන් පසු 03 වන සහ 06 වන දිනවලදී ඔවුන් නැවතත් කොවිඩ් පරීක්ෂණයකට මුහුණදිය යුතුයි.
එම පරීක්ෂණ Northern Territory ප්‍රාන්ත රජය විසින් පරිපාලනය කරන මධ්‍යස්ථාන හරහා නොමිළයේ සිදුකර ගත හැකි වනවා.
මේ අතර ව්‍යාජ එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් පණවන බවද Northern Territory ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.