බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා යළිත් දැඩි කෙරේ

ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය කටයුතු කලා.

මේ අනුව නිවු සවුත් වේල්ස් සිට අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිවකට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණීමට අවසර හිමිවන්නේ නැහැ.

ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා සිට පැමිණෙන පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට යටත්විය යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා බළධාරීන් දන්වා සිටින්නේ.

එන්නත්කරණයට ලක් නොවූ කිසිවෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොලැබෙන බවද ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලා.

මේ අතර දින 04 කදී ආසාධිතයන් 10,000 කට ආසන්න පිරිසක් වාර්තා වුවද ප්‍රාන්ත සීමා දැඩි කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බූස්ටර් මාත්‍රාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවයි ඔහු අවධාරණය කලේ.

https://www.9news.com.au/national/coronavirus-updates-wa-perth-border-rules-change/8d77af7f-3f50-41c7-abd3-3f739874eb89

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »