කොවිඩ් ආසාධිතයන් වැඩිවීම ගැන අගමැති මොරිසන් කථා කරයි

ජනතාව කල යුතු වන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම මිස ඉහළ යන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා පිළිබඳ අවධානය යොමු කිරීම නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාවෙන් ආසධිතයන් 4000 ඉක්මවා වාර්තා වූ අතර අද දිනයේදී එය 3800 ඉක්මවා ගොස් තිබෙනවා.

මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑමයි.

කෙසේවෙතත් සැබෑ ලෙසම සොයා බැලිය යුත්තේ කොපමණ පිරිසක් දැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේද සහ රෝහල් ගත වන්නේද යන්න බව අගමැති මොරිසන් අවධාරණය කරනවා.

එමෙන්ම හැකි ඉක්මණින් 03 වන මාත්‍රාව ගැනීමේ වැදගත්කමද අගමැතිවරයා පෙන්වා දෙනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/pm-speaks-on-omicron-after-australia-reports-more-than-4000-cases-in-a-single-day-c-5004935

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »